ඔබ බීටා මෘදුකාංග පරීක්ෂකයෙකු නම් මෙන්න ඔබට මහඟු අවස්ථාවක්. ඇන්ඩ්රොයිඩ් දුරකථන සමග මයික්‍රොසොෆ්ට් ලෝන්චර් බීටා අනුවාදනය 4.7 අත්දැකීම විඳගන්න. එහි අලුත්ම අනුවාදනය සමග විශේෂිත වූ නැවුම් අත්දැකීම් රැසක් ඔබ වෙත ලං කරනු ලබයි. ඒ සමගම එය දේශීය මුහුණුවරක් ගෙන තිබීම එනම් (added native Cortana integration) තිබීම විශේෂ අවදානයකට ලක් විය.
පසුගිය මාසයේ යාවත්කාලීන කිරීම අනුගමනය කිරීමෙන් ඔබට දෛනිකව පසුබිම් මාරු කිරීමේ හැකියාව Bing සමගින් ලබා දී ඇති අතර විවිදාකාර හැඩතලද මේ අතර දකින්නට ලැබේ. තවද මෙම අනුවාදනය සමඟ පැමිණෙන lock screen, calendar notifications and improvements to badge notifications දැකිය හැක.
මෙන්න සම්පූර්ණ සංශෝධන:
1. දිනපතා නැවුම් පසුතල පින්තුර (Bing සමගින්) චලනය වන පසුතල පින්තුර සැකසුම්.
2. අගුල් තිරයේ දින දර්ශනයේ නිවේදන ලබාදීම.
3. විශේෂ සැකසීම් ලෙස :
o දීර්ඝ ස්පර්ශයකින් මෘදුකාංග වෙනස් කිරීමේ හැකියාව .
o සාමාන්‍ය ලෙස මෘදුකාංග එහා මෙහා කිරීමේ හැකියාව.
o දෝෂ නිරාකරණය කරන ලද ප්‍රතිපෝෂණය හා උදව් පිටුව.
ඔබගේ ඇන්ඩ්රොයිඩ් දුරකථන සමග මයික්‍රොසොෆ්ට් ලෝන්චර් බීටා අනුවාදනය යාවත්කාලීන කිරීමට හෝ ස්ථාපනය කිරීමට මෙතනින් පිවිසෙන්න.
වීඩියෝව පහතින් බලන්න.
මුලාශ්‍ර: www.neowin.net
වීඩියෝව පහතින් බලන්න.
මුලාශ්‍ර: www.neowin.net
No comments:
Post a Comment