මයික්‍රොසොෆ්ට් සමගම විසින් නවතම ක්‍රියාන්විතයක් දියත් කර ඇති අතර එය නමින් The Future Computed නම් පොත වේ. The Future Computed - කෘතිම බුද්ධිය සහ එහි සමාජයේ භූමිකාව. මයික්‍රොසොෆ්ට් සමගමේ ප්‍රධාන නීති උපදේශක මණ්ඩලයේ සභාපති වන බ්රැඩ් ස්මිත් හා මයික්‍රොසොෆ්ට් සමගමේ AI සහ පර්යේෂණ කණ්ඩායමෙහි විධායක උප සභාපතිවරයෙකු වන හැරී ෂුම් යන අය විසින් මෙම කෘතියට අදාලව සංකල්පමය පෙරදැක්ම ලබා දී ඇති අතර AI තාක්ෂණය යනු කුමක්ද? සහ එහි ඇති සමාජීය ගැටලූ පිළිබඳ මෙමගින් කරුණු සපයයි. මෙම පොත නොමිලේ ඕනෑම කෙනෙකුට කියවීමට අවස්ථාව ලබා දී ඇත.
පසුගිය දශක දෙක පුරා අපේ ජීවිත වෙනස් වී ඇති ආකාරය ගැනත්, ඉදිරි වසර 20 ක කාලය තුළ ඇතිවන වෙනස්කම් සලකා බැලීමටත් මෙම කෘතියෙන් මනා අවබෝධයක් ලබා ගත හැක. වෙන්වූ මහාද්වීපවල හා විවිධ සංස්කෘතීන්හි අතර ජීවත් වන මනුෂ්‍ය වර්ගයා කෘතීම බුද්ධිය සමග කෙතරම් දුරකට සම්බන්ධ වනවාද යන්න විග්‍රහයක් මෙමගින් ලබා දී ඇත.
ජංගම දුරකථන සහ වලාකුළු පරිගණකකරණය (Cloud Computing) ඇතුළුව තාක්ෂණය මගින් අප දවස සැලසුම් කිරීම, සන්නිවේදනය කිරීම, සාප්පු යාම සහ අපගේ පවුලේ අය, මිතුරන් සහ සගයන් සමග ගත කරන ආකාරය සම්පුර්ණයෙන්ම වෙනස් කර ඇත. ඒ සමගම 2038 වන විට පෞද්ගලික ඩිජිටල් සහායකයින් අපගේ අවශ්යතාවයන් කළමනාකරණය කිරීම, රැස්වීම් සඳහා අපව සූදානම් කරවීම, අපගේ සමාජ ජීවිත සැලසුම් කිරීම, සන්නිවේදනය සහ මෝටර් රථ ධාවනය සඳහා සහාය වීම සඳහා AI තාක්ෂණය නිතැතින්ම යොදාගනු ලබයි.
අපට අනාගතය ගැන පුර්ව නිගමනයන්ට එලබීම සදහා ක්‍රමවේදයක් නොමැති අතර , අප එකිනෙකාට සවන් දීමට සහ එකිනෙකාගෙන් ඉගෙන ගැනීම සඳහා වැඩි කාලයක් වැය කිරීමට අවශ්‍ය වේ. මෙම කෘතිය මගින් එය වඩාත් පහසු කරනු ලබන බව ප්‍රකාශ කෙර්.
මෙම පොත නොමිලේ ලබා ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න. මෙහි නිල නිකුත්කිරීමේ වීඩියෝව පහතින් දැක්වේ.
මුලාශ්‍ර: blogs.microsoft.com/



No comments:
Post a Comment