Virtual Private Network (VPN) ගැන සරලව - TechLanka

TechLanka is a provides a new technologies and new trends news

Post Top Ad

Virtual Private Network (VPN) ගැන සරලව

Share This


ඔබ අන්තර්ජාලය බාවිතා කිරීමට යොදා ගන්න සේවා සැපයුම්කරුවන් මේ දින වලදී යම් කිසි සීමාවකට ලක් කර ඇති බව දකින්නට තිබෙන කරුණක්. සාමාන්‍ය ක්‍රමයේදී මෙම ක්‍රියාවලිය සිදුවනු ලබන්නේ අපගේ සේවා සැපයුම්කරැ හරහා සෘජුව අදාල වෙබ් සේවාව වෙත සම්බන්ධ වීමයි. අද වැනි තත්වයකදී VPN සේවාව ඉතාමත් වටින බව මතක තබා ගත් යුතුය. තවද VPN සේවාව මගින්  Proxy Server සැකසා තිබෙන ජාලයන්ගෙන් WhatsApp, Viber වැනි සේවාවන් පහසුවෙන් ලබාගත හැක.



VPN සම්බන්ධතාවයකදී පාර්ශ්ව දෙකක් අතර (VPN සේවාලාභියෙකු සහ VPN Gateway අතර) ස්ථාපනය කරන විට, දත්ත සංකේතනය කිරීමට (encrypt) හැකියාවක් ඇති ආරක්ෂිත tunnel එකක්   නිර්මාණය කරනු ඇත. මෙහිදී බොහෝ විට සිදුවන්නේ වෙනත් රටක IP Address එකක් ලබා ගැනීමය, ඉන් අනතුරැව අපගේ අන්තර්ජාල භාවිතය සිදුවන්නේ ඒ අදාල VPN Server එක තුළින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයටයි. ඒ හේතුව නිසායි එවන් අවස්ථාවක අපගේ රට ලෙසින් අදාල VPN සේවාව ලබාදෙන රට පෙන්වනු ලබන්නේ. 

VPN සේවාව තෝරා ගන්නේ කෙසේද?

VPN සේවා වෙළඳපොලේ පසුගිය වසර කිහිපය තුළ පුපුරා යන තරමට වැඩි වී තිබු අතර කුඩා තරඟකාරීත්වයක් සමගින් මේ වන විට ඉහලට එමින් පවතින බවක් පෙන්නුම් කරයි. ප්‍රධාන වශයෙන්ම VPN සේවාව තෝරා ගැනීමේදී Premium VPN තෝරා ගැනීමට අවධානය යොමු නොකරන්න, එමගින් ඔබගේ දත්ත සුරක්ෂිතව හුවමාරු කර ගත හැක. තවද කීර්ති නාමය, කාර්යසාධනය, භාවිතා කරන ප්‍රමාණය, විනිවිදභාවය, භාවිතයේ පහසුව, සහාය සහ අතිරේක අංගයන් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.

අප විසින් විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ Free VPN සේවාවක් කෙතරම් ආරක්ෂිතද යන්නයි. මෙම සේවාව නොමිලයේ ලබාදෙන්නේ කුමන පරමාර්ථයක් මතද යන්න සැළකිය යුතුයි. VPN සේවා සපයන්නන් හට සැලකිය යුතු පිරිවැයක් මෙහිදී දරන්නට සිදුවන අතර මෙම සේවාව නොමිලයේ ලබා දෙන්නේ කිසියම් පරමාර්ථයක් මත වියහැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages